ගැම්බියාවේ 70කට ආසන්න ළමුන්ට මරු කැඳවූ කැස්ස සිරප් ගැන ඉන්දියාවෙන් දැනුම් දීමක්

ගැම්බියාවේ 70කට ආසන්න ළමුන්ට මරු කැඳවූ කැස්ස සිරප් ගැන ඉන්දියාවෙන් දැනුම් දීමක්

ගැම්බියාවේ ළමුන් 70කට ආසන්න සංඛ්‍යාවකගේ මරණවලට සම්බන්ධ ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලින් එහි කිසිදු අහිතකර ද්‍රව්‍ය නොමැති බවට හෙළිව ඇතැයි ඉන්දියාව පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර ප්‍රකාශ කළේ කැස්ස සිරප් නිෂ්පාදන හතරක සිදු කළ මූලික පරීක්ෂණවලදී පිළිගත නොහැකි මට්ටමේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය ඇති බවයි.

ඉන්දියාවේ නිෂ්පාදනය කර ගැම්බියාවට අපනයනය කරන ලද කැස්ස සිරප් ඖෂධ ලබා ගැනීමෙන් පසු වකුගඩු අකර්මණ්‍ය වීමෙන් දරුවන් මිය ගිය බවටයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

කැස්ස සිරප් නිෂ්පාදනය කළ ඉන්දියානු සමාගම පවසන්නේ එය ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව පාලන ප්‍රමිතීන්ට අනුකූල බවයි.

නමුත් එහි සමහර නිෂ්පාදන ඉන්දියාවේ ජාතික හෝ රාජ්‍ය මට්ටමේ තත්ත්ව පාලන ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This