ගැඹුරු මුහුදේ ආපදාවට ලක් වූ වෙළෙඳ නෞකාවක කාර්ය මණ්ඩලය නාවික හමුදාව මුදාගනී

ගැඹුරු මුහුදේ ආපදාවට ලක් වූ වෙළෙඳ නෞකාවක කාර්ය මණ්ඩලය නාවික හමුදාව මුදාගනී

නාවික හමුදාව සිදුකළ සාර්ථක මෙහෙයුමකින් ප්‍රධාන ‍යන්ත්‍ර අක්‍රියව දකුණු මුහුදේ ආපදාවට පත් MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ කා‍ර්ය මණ්ඩලය඲ නිරුපද්‍රිතව මුදාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී ප්‍රධාන යන්ත්‍ර අක්‍රියව ආපදාවට ලක්ව ජීවිත අවදානමට ලක්ව සිටි MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය නාවික හමුදාව සිදුකළ සාර්ථක සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමකින් අනතුරුව අද (26) හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට සමත්ව තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ ඒ අනුව මෙම MV INTEGRITY STAR නෞකාවේ සිටි ඉන්දීය,තුර්කි, සහ අසර්බයිජාන් ජාතිකයින් 14 දෙනෙකුගෙන් සමන් විත කාර්ය මණ්ඩලය සමුදුර නෞකාව මගින් නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බවයි.

කොළඹ සමුද්‍ර සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් ආපදාවට පත් වෙළෙඳ නෞකාවේ සහාය වෙනුවෙන් MV MORNING GLORY වෙළෙඳ නෞකාව එම මුහුදු ප්‍රදේශයේ රැඳී සිටි බවද නාවික හමුදාව සඳහන් කළා.

 

 

Share This