ගැරඬිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකට -සිව් දෙනෙකු මරුට

ගැරඬිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකට -සිව් දෙනෙකු මරුට

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (11) අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

Share This