
“ගැහැනු ළමයාගේ ජාත්‍යන්තර දිනය” අදයි
වාර්ෂිකව ඔක්තෝබර් 11 වන දින සමරනු ලබන, ගැහැණු ළමයින්ගේ ජාත්‍යන්තර දිනය යනු සෑම තැනකම ගැහැණු ළමයින් සැමරීමට, ඔවුන්ගේ හඬ, ක්‍රියාමාර්ග සහ නායකත්වය වැඩි දියුණු කිරීමට වැදගත් ගෝලීය මොහොතක් නව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ එය ගැහැණු ළමයින් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වන සෑම කෙනෙකුටම අයත් දිනයක් ලෙසයි.
මෙම දිනයේ දී, ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම්වල සම්පූර්ණ වර්ණාවලිය හඳුනා ගැනීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට අපි එක් වෙමු යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු දෙනාව ආරාධනය කරනවා.
ගැහැණු ළමයින් විසින් මෙහෙයවනු ලබන සංවිධාන සහ ජාල විසින් සකස් කරන ලද මෙම වසරේ තේමාව වන්නේ ” අර්බුද හමුවේ පෙරමුණේ සිට වෙනසට නායකත්වය දෙන ගැහැනු ළමයා මමයි ” යන්නයි.
ගැහනු ළමයින්ගේ ජාත්‍යන්තර දිනයේ දී සියලුම සියලුම දෙනා ගැහැනු ළමයින් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීමට නායකත්වය ගතයුතු බව මේ නිමිත්තෙන් පනිවිඩයක් නිකුත් කරන ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පවසනවා.
විශේෂයෙන්ම සමාජයේ කුඩාම ඒකකය වන පවුල ආරක්ෂා කිරීමේ භාරධූර වගකීම අද දියනිවරුන් වන ඔවුන්ට හෙට දිනයේ හිමිවනු ඇතැයි පෙන්වා දෙන ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා එම ගැහැනු ළමයා ආරක්ෂා කිරීම වර්තමානයේ අප සියලු දෙනා හට පැවරී ඇති වගකීමක් වන බව ද මතක් කර දෙනවා.