ගෑස් වලට ගෑස් පෙන්වූ රුසියාවට එක්සත් ජනපදයෙන් ලැබුණු උත්තරය

ගෑස් වලට ගෑස් පෙන්වූ රුසියාවට එක්සත් ජනපදයෙන් ලැබුණු උත්තරය

රුසියානු ගෑස් ආනයනය වෙනුවට එක්සත් ජනපදය විසින් ස්වභාවික වායු (LNG) සැපයුම් ලබා දීම සඳහා වන ගිවිසුමක් යුරෝපා සංගමය විසින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

වසර අවසන් වන විට එක්සත් ජනපදය අවම වශයෙන් ස්වභාවික වායු(LNG) ඝන මීටර් බිලියන 15 ක් ලබා දීමට සූදානම් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ

මොස්කව් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ඉන්ධන මත යැපීම අඩු කිරීමට යුරෝපීය ජාතීන් උත්සාහ කරමින් සිටිනවා

මේ අතර වෙනත් රටවලින් ආනයනය කිරීමෙන්  සහ පුනර්ජනනීය බලශක්තිය පුළුල් කිරීමෙන්  මේ වසරේ රුසියානු ගෑස් භාවිතය තුනෙන් දෙකකින් කපා හැරීමට යුරෝපා සංගමය පොරොන්දු වී තිබෙනවා

Share This