ගින්නකට හසුවී පුද්ගලයින් දෙදෙනෙක් මරුට
යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ පිහිටි ලැයිම් නිවාස පෙලක අද (03) අළුයම් කාලයේ ඇතිවූ ගින්නකින් ලැයිම් කාමරයේ එක් නිවසක සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 සහ 50 යන වයස්වල පසුවන පැලැල්ලේගම, යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න හේතුවෙන් ලැයිමේ පිහිටි නිවාස 03කට හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන යටියන්තොට පොලීසිය සිදුකරන බව සඳහන්.