ගිනියාවේ පාපන්දු තරඟයක ඇති වූ ගැටුමකින් 56 දෙනෙකු මරුට

ගිනියාවේ පාපන්දු තරඟයක ඇති වූ ගැටුමකින් 56 දෙනෙකු මරුට

ගිනියාවේ දෙවන විශාලතම නගරය වන Nzérékoré හි පාපන්දු තරඟයකදී ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 56 දෙනෙකු මිය ගොස් ඇති බව එරට රජය පවසනවා

ගිනියාවේ හමුදා නායක Mamady Doumbouya හට ගෞරව දැක්වීමේ තරඟාවලියේ අවසන් තරඟය අතරතුර මෙම ගැටුම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුත්තන් සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

එරට අගමැති Oury Bah නිවේදනයක් නිකුත් කරමින් සිදුවීමෙන්, විපතට පත් වූවන්ට සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ, සංචාරක කණ්ඩායමේ ආධාරකරුවන් විනිසුරුවරයා කෙරෙහි කෝපයෙන් තණතීරුව දෙසට ගල් ගැසීමෙන් පසු පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

Share This