ගිනි කන්ද පිපිරීමෙන් බොරතෙල් බැරල් 6,000ක් ගසාගෙන යාම නිසා මුහුදු පක්ෂීන්ට සිදුවූ දේ

ගිනි කන්ද පිපිරීමෙන් බොරතෙල් බැරල් 6,000ක් ගසාගෙන යාම නිසා මුහුදු පක්ෂීන්ට සිදුවූ දේ

දකුණු පැසිෆික් සාගරයේ ගිනිකඳු පිපිරීමකින් ඇති වූ රළ හේතුවෙන් පේරු වෙරළට බොරතෙල් බැරල් 6,000ක් කාන්දු වීමෙන් පසු  සත්වෝද්‍යානයක් විසින් ආරක්ෂිතව පෙන්ගුවින් ඇතුළු මුහුදු පක්ෂීන් බේරා ගැනීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් අවදානමට ලක්විය හැකි යැයි ලැයිස්තුගත කර ඇති හම්බෝල්ට් පෙන්ගුවින් ඇතුළු පක්ෂීන් 40කට වඩා වැඩි ප්‍රමාණයක් දූෂිතවූ වෙරළ සහ ස්වභාවික රක්ෂිතවලින් බේරා ගැනීමෙන් පසු Parque de Las Leyendas සත්වෝද්‍යානය වෙත ගෙන ආ බවයි පැවසෙන්නේ.

“පේරු ඉතිහාසයේ මෙවැනි දෙයක් අපි කවදාවත් දැකලා නැහැ,” ජීව විද්‍යාඥ ලිසෙත් බර්මියුඩෙස් කුරුල්ලෙකුට උපස්ථාන කරමින් AFP වෙත පවසා තිබෙනවා.

පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් කුරුල්ලන් රැකබලා ගනිමින්, සතුන්ට දිලීර නාශක සහ බැක්ටීරියා නාශක ඖෂධ මෙන්ම විටමින් ද ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

පිරිපහදුවකින් තෙල් ගොඩබාමින් සිටියදී විශාල රළ පහරකට හසුවීමෙන් බොරතෙල් ගැලුම් 264,000ක් (ලීටර් මිලියන 1.2ක්) මුහුදට කාන්දු වීමෙන් පසු පේරු හි පාරිසරික හදිසි තත්ත්වයක් මෙලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අසාමාන්‍ය ලෙස විශාල රළ හටගත්තේ සැතපුම් දහස් ගණනක් (කිලෝමීටර්) ඔබ්බෙන් වූ ටොංගා දූපත් සමූහය ආසන්නයේ ඇති දිය යට ගිනි කන්දක් පුපුරා යාමෙන්

ලීමා නගරය අසල වාන් දැමීමෙන්  වෙරළ තීරය අපිරිසිදු වී ඇති අතර ධීවර හා සංචාරක කර්මාන්තවලට හානි වී තිබෙනවා.

මේ අතර අවම වශයෙන් බලපෑමට ලක් වූ වෙරළ තීරයන් 21 කින් ඉවත්ව සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබෙන බව සඳහන්

පේරු හි Serfor වන සංරක්ෂණ සේවයේ ජීව විද්‍යාඥ Guillermo Ramos පැවසුවේ තෙල් පැතිර ගියහොත් තවත් සතුන් මිය යනු ඇති බවයි.

Share This