
ගිම්හානයේ පැවැත් වූ පින්ලන්තයේ වෙසක් සහ පොසොන් පින්කම්
පින්ලන්තයේ, තුර්කු ශ්රී ලංකා බෞද්ධ සංගමයේ ආරාධනය පරිදි ඇමරිකාවේ වැඩවාසය කරන බොකනෝරුවේ දේවානන්ද ස්වාමීන්වහන්සේ ප්රධානත්වයෙන් පසුගිය වෙසක් සහ පොසොන් පොහොය දිනය සමරා පින්කම් උත්සවයක් පැවැත් වුණා.
එහිදී පින්ලන්තය තුල මැයි මාසයේ පවතින අධික හිම පතනය නිසා වෙසක් උත්සව සැමරුම පැවැත්වීම සිදු කෙරුනේ ජූනි මාසයේ විශේෂත්වයක්.
එහිදී සංඝා වහන්සේ විෂයෙහි දානමය පින්කම්, ධර්ම දේශනා,භාවනා වැඩසටහන්, දන්සැල්,ගිලන්පස පූජා පැවැත් වුණා.
දැනට පින්ලන්තයේ ශ්රී ලංකාවේ විහාරස්ථානයක් නොමැති අතර පින්කම් පැවැත් වුණේ තුර්කු නගරයේ වියට්නාම් විහාරස්ථානයේයි.