
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයෙන් ගුණාත්මක තත්ත්ව පද්ධතියක් සඳහා රු.මි.750 ක් වැයකිරීමට යයි
ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් ඉදිරියේ දී සංවර්ධනය කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමඟ සහයෝගීතාවෙන් හා යුරෝපා සංගමයේ තාක්ෂණික දායකත්වයෙන් සංවිධාන කළ නියාමන බලපෑම් ඇගයීම (Regulatory Impact Assessment -RIA) සහ ජාතික තත්ත්ව යටිතල පහසුකම් (National Quality Infrastructure -NQI) පද්ධතිය ශක්තිමත් කිරීම හා සංවර්ධනය පිළිබඳ දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් ලෙස ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය (NQI) සංවර්ධනය කිරීම වෙනුවෙන් මේ වර්ෂයට අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ඹෟෂධ, ආහාර අතුළු මෙරට නිපදවන භාණ්ඩ හා සේවාවන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම මෙන්ම ආනයන හා අපනයන භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම වෙනුවෙන් ගුණාත්මක යාන්ත්‍රණයක් නිර්මාණය මෙහි ආපේක්ෂාවයි.
ප්‍රමිතීන්, නිවැරදි මිනුම්, අනුකූලතාව සහ සහතික කිරීම යන මූලික ස්ථර හතරක් මත මෙම පද්ධතිය පෙළගස්වා තිබෙනවා.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීම හා සම්බන්ධකරණයෙන් කාර්මික තාක්ෂණ ආයතනය (ITI), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI), ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD), මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව (MUSSD), ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) සහ පේෂකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහනට දායකත්වය දෙන සෙසු ආයතනයි.
අපනයන ආර්ථිකයක් සංවර්ධනය කිරීම අප රජයේ ඉලක්කය බවත්, එම කාර්යයේ දී නිවැරදි ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අනුකූලතාවන් පවත්වාගෙන යාම එහිදී අත්‍යවශ්‍ය බවත් මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා පැවසුවා.
ඒ සඳහා වර්තමානයේ භාවිතා කරන ක්‍රමවේදයන්ට වඩා දියුණු හා ඉහළ පිළිගැනීමක් ඇති ගුණාත්මක තත්ත්ව පද්ධතියක් සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 750ක් වෙන් කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළා.
NQI සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ඵලදායී ලෙස වැය කිරීමත් අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු පාර්ශ්ව සමග එක්ව මෙම යාන්ත්‍රණය ජනතාවට ප්‍රතිලාභ හිමිවන ලෙස භාවිතා කිරීම පිළිබඳ නීති හා රෙගුලාසි ඇගයීමේ පරමාර්ථයෙන් මෙම නියාමන බලපෑම් ඇගයීම (RIA) වැඩමුළුව සංවිධාන කර තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති NQI පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා ඇති වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට උපකාරී වන ජාතික වැදගත්කමක් ඇති මෙම වැඩමුළුව තුළින් ව්‍යාපාර සහ පාරිභෝගිකයින් මත අනවශ්‍ය වියදම් පැනවීමකින් තොරව නියාමන මැදිහත්වීම් සමානුපාතිකව, සාධාරණ සහ සරල බව සහතික කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන පියවරක්.


