ගුරු විදුහල්පතිවරු අද සිට අකුරට වැඩ (VEDIO)

ගුරු විදුහල්පතිවරු අද සිට අකුරට වැඩ (VEDIO)

ගුරුවරුන්, විදුහල්පතිවරුන් මෙන්ම ගුරු උපදේශකවරුන් අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

වැටුප් විෂමතා ඇතුළු ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්.

එහිදී ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකරන බවත් විෂය බාහිර කිසිවක් සිදු නොකරන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This