ගුවන් තොටුපළකට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ අමෙරිකානුවා

ගුවන් තොටුපළකට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ අමෙරිකානුවා

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ගුවන් තොටුපළකට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බව කියන පුද්ගලයකු FBI නියෝජිතයන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

40 හැවිරිදි මාර්ක් මෆ්ලි නැමැති මෙම පුද්ගලයා ෆ්ලොරිඩාවේ ඔර්ලන්ඩෝ වෙත ගුවන් ගමනක් සඳහා පැමිණි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔහුගේ නම ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කියවෙනු ඇසීමෙන් පසු ගුවන් තොටුපළෙන් පළා ගොස් නිවසට ගොස් සිටිය දී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ගුවන් තොටුපලකට පුපුරණ ද්‍රව්‍යයක් රැගෙන පැමිණීම, පුපුරණ ද්‍රව්‍ය හෝ ගිනි අවුලුවන උපකරණයක් සන්තකයේ තබා ගැනීම සහ ගුවන් යානයක පුපුරණ ද්‍රව්‍ය තැබීමට උත්සාහ කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබෙනවා

Share This