
ගුවන් මගියාගේ මේස් කකුල්වලින් මිලියන 210 ක රත්‍රං බිස්කට් මතුවේ
නීති විරෝධීව මෙරටට රැගෙන පැමිණි රුපියල් මිලියන 210 ක් වටිනා රත්‍රං බිස්කට් තොගයක් අද(14) කටුනයක ගුවන්තොටුපළ රේගු භාරයට ගෙන තිබෙනවා.
මෙම කැරට් 24 රත්‍රං තොගයේ බර කිලෝ ග්‍රෑම් 5 ග්‍රෑම් 941 ක්.
ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පැවසුවේ පාවහන් සහිත මේස් තුල සගවාගෙන මෙරටට රැගෙන විත් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් 54 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.