ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු හමුවූ දරුවන් පිරිස

ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු හමුවූ දරුවන් පිරිස

කොලොම්බියාවේ Caqueta පළාතේ වනාන්තරයකට ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට වැඩි කාලයකට පසුව එහි ගමන්ගත් දරුවන් හතර දෙනෙකු ජිවතුන් අතර සිටිම පිළිබඳව එරට ජනාධිපති Gustavo Petro තම සතුට පළකරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා

කෙසේවෙතත් එරට හමුදා ආරංචි මාර්ග පවසන්නේ එම පුවත පිළිබඳ තහවුරු කිරීමක් නොමැති බවයි.

අනතුරින් ගුවන් නියමුවා ඇතුළු වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් තිබුණ බවයි මිට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ

කොලොම්බියානු බලධාරීන් ගුවන් අනතුරට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නොමැති නමුත් රටේ ආපදා ප්‍රතිචාර ආයතනය පවසා තිබෙන්නේ යානය රේඩාර් පද්ධතිවලින් අතුරුදහන් වීමට මිනිත්තු කිහිපයකට පෙර නියමුවා එන්ජිමේ ගැටළු වාර්තා කර ඇති බවයි.

කොලොම්බියානු බලධාරීන් විශ්වාස කරන්නේ යානය දකුණු ප්‍රදේශයට කඩා වැටීමෙන් පසුව අතුරුදහන් වූ ළමුන් හතර දෙනා වැසි වනාන්තර ප්‍රදේශයට ගොස් ඇති බවයි

මෙම යානයේ ගමන්කළ අය ගිනිකොනදිග කොලොම්බියාවේ සහ උතුරු පේරු හි ආදිවාසී කණ්ඩායමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This