ගුවන් යානයක ගැටුණු ෆ්ලෙමින්ගෝ

ගුවන් යානයක ගැටුණු ෆ්ලෙමින්ගෝ

ඉන්දියාවේ මුම්බායි හිදී ගුවන් යානයක ගැටීමෙන් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් 39 දෙනෙකු මියගොස් තිබෙනවා.

මගීන් 300 දෙනෙකු රැගත් එමිරේට්ස් ගුවන් යානයක පක්ෂීන් මෙලෙස ගැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ සිදුවීමෙන් පසු ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්වීමට කටයුතු කර ඇති අතර යානයේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන්.

කෙසේවෙතත් මෙම සිදුවීම පරිසරවේදීන්ගේ දැඩි කනස්සල්ලට ලක්ව තිබෙනවා.

සෑම වසරකම ෆ්ලෙමින්ගෝ පක්ෂීන් දහස් ගණනක් මුම්බායි වෙත සංක්‍රමණය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This