ගුවන් යානයේ දෝෂයක් නිසා ඉන්දියාවේ සිටි කැනේඩියානු අගමැති එරටින් පිටව යයි

ගුවන් යානයේ දෝෂයක් නිසා ඉන්දියාවේ සිටි කැනේඩියානු අගමැති එරටින් පිටව යයි

ගුවන් යානයේ කාර්මික දෝෂය සෑදීමෙන් පසු කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉන්දියාවෙන් පිටව ගොස් තිබෙනවා

ඉන්දීය අමාත්‍ය රජීව් චන්ද්‍රසේකර් කියා සිටියේ තමන් ජස්ටින් ටෘඩෝට G 20 සමුළුවට පැමිණීම ගැන ස්තූති කිරීමට ගුවන් තොටුපළේ සිටි බවත් ඔහුට සහ ඔහුගේ පිරිවරට ආරක්ෂිතව ආපසු යාමට ප්‍රාර්ථනා කළ බවත්ය

G 20 සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවති රැස්වීමකින් පසු කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉරිදා නැවත පිටත්ව යාමට සුදානම් වුණා

නමුත් ඔහුගේ ගුවන් යානයේ දෝෂයක් ඇතිවීමෙන් පසු ඔහුට තවත් දින දෙකක් නැවතී සිටීමට සිදුවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් මොහොමඩ් හුසේන් ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සියට ප්‍රකාශ කර ඇත්තේ ගුවන් යානයේ තාක්ෂණික දෝෂය නිරාකරණය කර ඇති අතර යානය පියාසර කිරීමට අවසර දී ඇති බවයි.

කැනඩාව සහ ඉන්දියාව අතර සබඳතා මෑත මාසවලදී වඩාත් දැඩි වී ඇති අතර, කැනඩාව මෑතකදී ඉන්දියාව සමග වූ වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා අත්හිටුවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This