
ගුවන් යානා ඉංජිනේරුවන් බිහි කිරීමේ SriLankan Aviation College අයදුම්පත් කැදවයි
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත පාඨමාලාව සඳහා SriLankan Aviation College මේ වන විට අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා.
ප්‍රධාන විධායක නිලධාරී Glenn Ryan මහතා පවසන්නේ “SriLankan Aviation College ආසියාතික කලාපයේ EASA ප්‍රමිතීන්ට අනුකූලව පුහුණුව ලබා දෙමින් අති දක්ෂ ඉංජිනේරුවන් බිහි කිරීමේ විශිෂ්ට ඉතිහාසයක් ඇති පුහුණු පාසලක් බවයි.
ඔහු සදහන් කළේ ඔස්ට්‍රේලියාවේ දී EASA ගුවන්යානා නඩත්තු බලපත්‍රයක් (EASA Aircraft Maintenance Licence) ලබාදෙන එකම ආයතනය වශයෙන්, මෙම සහයෝගීතාවය ඔස්සේ තවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පුහුණු වැඩසටහනක් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවයි.
මෙමගින් අපගේ සිසුන් සඳහා ගෝලීය අවස්ථා විවෘත වන අතර, මෙම කලාපයේ ගුවන් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස සිය ස්ථානය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී යසන්ත දිසානායක මහතා පවසනවා.
“SriLankan Aviation College ලොව පිළිගත් විශ්වවිද්‍යාල හා පුහුණු ආයතන සමඟ එක්ව වෘත්තිමය ලෙස සුදුසුකම් ලැබූ ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවන් බිහිකිරීමට අරමුණු කරගෙන සිටින බව ද ශ්‍රීලංකන් ගුවන් සේවයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සදහන් කළා.
මෙම ඩිප්ලෝමා පාඨමාලාව හාදාරන ශිෂ්‍යයන්ට විශේෂිත දැනුම හා කුසලතා ලබාදෙන අතර, ලොව පුරා ගුවන්යානා නඩත්තු ඉංජිනේරු ක්ෂේත්‍රයේ (Aircraft Maintenance Engineering) රැකියා හා උපාධි පාඨමාලා සදහා ඔවුන් සුදුසුකම් ලබනු ඇති.
‘Boeing Pilot and Technician Outlook 2024-2043’ වාර්තාවට අනුව, ඉදිරි වසර 20 තුළ ගුවන් සේවා ක්ෂේත්‍රයට නව වෘත්තිකයන් මිලියන 2.4 ක් අවශ්‍ය වනු ඇතැයි අනුමාන කරනවා.
එයින් 716,000 ක් ගුවන්යානා නඩත්තු ඉංජිනේරු/තාක්ෂණවේදීන් (Aircraft Maintenance Technicians/Engineers) ලෙසයි ගණන් බලා ඇත්තේ.