
ගුවන් විදුලි විශිෂ්ටයා ශ්‍රී එෆ්.එම්. ට වසර 25 යි (VIDEO)
ශ්‍රී ලාංකේය ගුවන් විදුලි වංශ කතාවට ශ්‍රී නාමයක් එක් කරමින් ආරම්භ කළ ශ්‍රී එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවට අදට වසර 25ක් සපිරෙනවා.
ඒ නිමිත්තෙන් ශ්‍රී එෆ්.එම් නාලිකාව අද දිනය පුරා සිය ශ්‍රාවකයින්ට නවමු අත්දැකීම් රැසක් තිළිණ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ශ්‍රී ලාංකේය ගුවන් විදුලි වංශ කතාවට ශ්‍රී නාමයක් එක් කරමින් FM 100 න් 100.2 න් ශ්‍රී එෆ්.එම් ගුවන් විදුලි නාලිකාව ආරම්භ කෙරුණේ 2000 වසරේ අගෝස්තු 11 වැනිදායි.
එදා සිට අද දක්වා ගත වුණු වසර 25ක කාලය තුළ ශ්‍රී එෆ්.එම් නාලිකාවට, ආදරණීය රසික ජනතාවගේ රසාස්වාදයට හේතු පාදක වෙමින් මෙන්ම විපත් අවස්ථාවලදී ද ඔවුන්ට අතහිත දෙමින් ලාංකීය ජන හදවත්වල ශ්‍රී නාමය පතුරුවන්නට හැකියාව ලැබුණා.
ඒ නිසයි ගුවන් විදුලි ප්‍රවර්ධන කලාව අලුත් කරමින් ආරම්භ කළ ‘ශ්‍රී එෆ්.එම්. බඩු මල්ල’ ගම් දනව් පුරා බෙදා හරිමින් දිනා ගත් ජනතා ආදරය වෙනුවෙන් වගේම, ශ්‍රී එෆ්.එම් සත්කාර රෝහල මගින් දියත් කළ සුව සත්කාරයන් වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වන්නට ශ්‍රී එෆ්.එම් නාලිකාවට හැකියාව ලැබුණේ.
එමෙන්ම වසර 25ක කාලය පුරාවට ජනතාවාදී විශ්වසනීය ප්‍රවෘත්ති මෙන්ම කාලීන තොරතුරු ඔබවෙත නිරන්තරයෙන් ගෙන එන ‘ලයිව් ඇට් ශ්‍රී’ ප්‍රවෘත්ති විකාශයද ශ්‍රී එෆ්.එම් සන්නාමය ඉහළින් ඔසවා තබන්නට හේතුපාදක වුණා.
සිය 25 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී එෆ්.එම් නාලිකාව අද දවස පුරා වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවේ 25 වන සංවත්සරයට සමගාමීව ස්වර්ණවාහිනි නාලිකාව හා එක්ව ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළියක් ද ඊයේ උදෑසන සිට මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වුණා.
එහිදී විශාලතම සරුංගලය, දරුවන් වෙනුවෙන් වෙන්වූ කුඩාම සරුංගලය, අසාමාන්‍ය සරුංගලය, ඩියුලක්ස් වර්ණවත්ම සරුංගලය, එලිෆන්ට් හවුස් නිර්මාණශීලීම සරුංගලය, කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ මල් සරුංගලය ,ස්වර්ණවාහිනී තේමාව ඇසුරින් නිර්මාණය කරන ලද සරුංගලය සහ ශ්‍රී FM තේමාව ඇසුරින් නිර්මාණය කරන ලද සරුංගලය ආදී අංශ රැසක් යටතේ ජයග්‍රහණය කළ ජයග්‍රහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිණැමීම සිදුකළා.
එමෙන්ම මෙහිදී ශ්‍රී එෆ්.එම්. නාලිකාවේ ශ්‍රාවකයින් අතරින් තෝරා ගත් එක් අයෙකුට රුපියල් කෝටියක් වටිනා අගනා ඉඩමක් හිමි කර දුන්නේ මෙලෙසින්.
අනතුරුව KNIGHTS සංගීත කණ්ඩායමේ සංගීතයට භාතිය – සන්තුෂ්, සංඛ දිනෙත්, හනා ශෆා, ලහිරු පෙරේරා, බුද්ධික රඹුක්වැල්ල ආදි ගායන තරු ගී ගයන මහා සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුණා.
ඊයේ උදෑසන 7 සිට සංගීත ප්‍රසංගය අවසානය දක්වාම මීගමුව වෙරළ උද්‍යානය වෙත පැමිණි අති විශාල ජනකාය තහවුරු කළේ ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලය කෙරෙහි පවතින නොමැකෙන විශ්වාසය සහ ජනතා ප්‍රසාදයයි.
කවදත් පවුලේ සියලුදෙනාගේ සතුට රසාස්වාදය වෙනුවෙන් කටයුතු කරන ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් රැසක් ඔබ වෙත තිළිණ කිරීමට සූදානම්.