
ගුවන් හමුදාව සමඟින් MI-17 දියතලාවේ ලැහැස්තියි
මහා ඛේදවාචකයක්වූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බස් රථ අනතුරෙන් පසු ඊට අවශ්‍ය සහන කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටරයක් දියතලාව ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ බරපතළ තුවාල වූ පුද්ගලයින් කොළඹට ගුවනින් රැගෙන ඒමට ඕනෑම මොහොතක සහය වීමට වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමග Bell-412 වර්ගයේ හෙලිකොප්ටරයක් ද වීරවිල ගුවන් හමුදා කඳවුරේ සූදානමින් පසුවන බවයි.
මේ සිදුවීමෙන් පසු නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් ද යොදවා තිබෙනවා.