ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

‍ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබෙනවා.

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා 1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා ඊයේ දිනයේ සිට විශ්‍රාම ගත්තා.

Share This