ගෘහස්ථ විදුලි රැහැන්වල මිල ගැන ලැබෙන අලුත්ම ආරංචිය
අගෝස්තු 01 වැනිදා සිට ගෘහස්ථ විදුලි රැහැන්වල මිල 11%කින් අඩුකිරීමට නිෂ්පාදන සමාගම් එකඟවූ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්ය අමාත්යංශය සඳහන් කරනවා
මින් ඉදිරියට විශේෂිත වූ තත්ත්වයක් හැරුණු විට මිල වැඩි නොකිරීමටත් තීරණය වී තිබෙනවා
දැනට තිබෙන උපරිම සිල්ලර මිලෙන් ඔවුන්ගේ නිෂ්පාදන වලින් 90%කම නිෂ්පාදන වර්ගවල මිල 11% කින් ද එක් නිෂ්පාදනයක් පමණක් 5%කින් ද අඩු කිරීමට එම සමාගම් එකඟවී තිබෙන බවයි වාර්තා වන්නේ .
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.