
ගෙළ බැඳි රන්මාලය කඩන්න ගිය මංකොල්ලකරුට පොට වරදී
ඉපලෝගම පොලිස් වසමේ ගල්නෑව , හිරිපිටියාගම මාර්ගයේ වෙළදසැලක හිමිකාරිණියකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ලකෑමේ උත්සහයක් ව්‍යර්ථ වන අයුරු එහි තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබිණා.
යතුරු පැදියකට පෙට්‍රල් ලබා ගැනීමේ මුවාවෙන් වෙළෙදසැල වෙත පැමිණෙණ දෙදෙනකු ගෙන් එක් අයකු යතුරු පැදියේ රැදී සිටින අතර අනෙක් පුද්ගලයා පෙට්‍රල් බෝතලයකට මුදල් ගෙවා එම බෝතලය රදවනයකින් ගැනීමට යාමේදී බිම අතහැර බිදී යාමට සලස්වා පසුව එය අස්කිරීමට උපකාර කරන මුවාවෙන් වෙළෙඳසලේ හිමි කාරියට ලංවී මාලය කඩා ගැනීමට උත්සාහ කරනවා.
ඊට පෙර පෙට්‍රල් බෝතලය බිම වැටුණු ස්ථානය පිරිසිදු කිරීමට වෙළෙඳසලට පැමිණි පුද්ගලයා කටයුතු කරන්නේ උපකාර කරන මුවාවෙන්.
තවත් පෙට්‍රල් බෝතලයක් ලබාගෙන හිස් බෝතලය වෙළඳසැලට භාර දීමට එන අව ස්ථාවේදී එහි හිමිකාරිණියගේ ගෙළ බැදි රන් මාලය කොල්ලකෑමට උත්සහ දරන අතර ඇය කොල්ලකරු සමඟ පොර බදිමින් කෑ ගැසීම හේතුවෙන් ඇයගේ මවද එම ස්ථානයට පැමිණීමත් සමග කොල්ලකරු යතුරු පැදියේ නැගී පළා යනවා.
මෙම සිද්ධිය සිදුව තිබුණේ පසුගිය 03 වැනිදායි.

