ගොර්බචෙව්ගේ අවමංගල්‍යයට පූර්ණ රාජ්‍ය ගෞරව ලබා දීම පුටින් ප්‍රතික්ෂේප කරයි

ගොර්බචෙව්ගේ අවමංගල්‍යයට පූර්ණ රාජ්‍ය ගෞරව ලබා දීම පුටින් ප්‍රතික්ෂේප කරයි

හිටපු සෝවියට් නායක මිහායිල් ගොර්බචෙව්ගේ අවමංගල්‍යයට පූර්ණ රාජ්‍ය ගෞරව ලබා දීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම රුසියාවේ ජනාධිපතිවරයා සෝවියට් සංගමය බිඳවැටීම වැළැක්වීමට අපොහොසත් වූ ගොර්බචෙව්ගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී නොවන බවයි වැඩිදුරටත් දන්වා තිබෙන්නේ

මියයනවිට ගොර්බචෙව්ගේ වයස අවුරුදු 91 ක් වූ අතර පසුගිය කාලය පුරා රෝගාබාධ රැසකින් ඔහු පීඩා විඳි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

හෙට (03) මොස්කව්හි තීරු ශාලාවේ මහජන උත්සවයකින් පසු ගොර්බචෙව්ගේ දේහය භූමදාන කරනු ඇති

Share This