
ගොවිජන සංවර්ධන නිලධාරීන් කිහිපදෙනෙකුට පත්වීම්
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට සීමිත බඳවා ගැනීම් යටතේ මෙතෙක් එම දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරින් 22ක් ගොවිජන සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගැනීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
අදාළ නිලධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදුකර ඇති බව සඳහන්.
මෙම අවස්ථාව සදහා කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න යන මහත්වරු සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ පත්වීම් ලත් නිලධාරීන් දැනට ගොවිජන සංවර්ධන නිලධාරින් සඳහා පුරප්පාඩු පවතින දිස්ත්‍රික්කවලට සේවය සඳහා යෙදවීමට පියවර ගෙන තිබෙනවා.