ගොවියෝ හෙට අස්වැන්න නොදී වර්ජනය කිරීමේ තීරණයක (VIDEO)

ගොවියෝ හෙට අස්වැන්න නොදී වර්ජනය කිරීමේ තීරණයක (VIDEO)

ගොවි ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා දිවයින පුරා ගොවි ජනතාව හෙට දිනයේ සියලු දෛනික ක්‍රියාවන්ගෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධාන එකමුතුව පවසනවා.

ඒ අනුව හෙට දිනයේදී සියළු වගා කටයුතුවලින් ඉවත්ව අස්වනු වෙළඳපොල වෙත නිකුත් කිරීමෙන්ද වැලකී සිටීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

අර්තාපල්, ලොකු ලූනු, වී සහ බඩ ඉරිගු ගොවීන් පසුගිය කාලය තුළ පීඩාවට පත්වුනේ නිසි මිලකට සිය අස්වනු අළෙවි කරගැනීමට නොහැකි වීම හේතුවෙන්.

ලූනු ගොවීන්ගේ අස්වනු සතොස මගින් මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළද එය අසාර්ථක වැඩපිළිවෙලක් බවට ගොවීන් චෝදනා කළා.

අර්තාපල් ආනයනය කිරීම හේතුවෙන් දේශීය අර්තාපල් ගොවීන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවට ද චෝදනා එල්ල වූ අතර, වී ගොවීන් පැවසුවේ සහතික මිලට වී අස්වනු අළෙවි කරගැනීමට ද නොහැකි වූ බවටයි.

ඒ අනුව දිගින් දිගටම කළ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට රජය අසමත් වූ බවට චෝදනා කරන ගොවීන් පවසන්නේ සිය ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් හෙට දිවයිනම ආවරණය වන පරිදි ගොවි ජනතාව සියලු දෛනික ක්‍රියාවන්ගෙන් ඉවත්වීමට සැලසුම් කර ඇති බවයි.

Share This