ගොවි ණය කපා හැරීමට යෝජනාවක්
ගොවීන්ගේ ආර්ථීක ශක්තිය වැඩිකිරීම හා ඔවුන් ණය බරින් මුදවා ගැනීම අරමුණු කර ගනිමින් ගොවීන් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හරින ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොජනා කර තිබෙනවා
ඒ අද (03) ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අතරතුරදීයි
මේ අනුව මෙම යෝජනාව ඉදිරියේදි කැබිනට් මණ්ඩලයට යොමු කිරිමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම කොවිඩ් වසංගතය හා 2022 වසරේ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ගොවි ජනතාව මහත් අසීරු තත්ත්වයකට පත් වූ බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ