
ගෝල්ෆේස් වලදී මගියකුට පොල්ලකින් පහර දුන් කොන්දොස්තරට වැඩවරදී
කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර ප්‍රදේශයේ දී කොළඹ – පානදුර පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු සහ ඔහුගේ මිතුරකු බස් රථයේ ගමන්ගත් මගියකුට පොල්ලකින් පහර දෙන සිද්ධියක් අප පෙරේදා (02) වාර්තා කළා.
සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරනය වූ මෙම වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුව තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොන්දොස්තරවරයා සහ තවත් අයෙක් මෙම මගියාට පහර දීම සිදු කරන්නේ මගියාගේ ටිකට්පතට අදාල මුදල සම්බන්ධයෙන් මතුවූ ආරවුලක් නිසා බවයි.
ඒ අනුව ඊයේ (03) කොටුව බස් නැවතුපළේ දී කොටුව පොලිස් නිලධාරීන් කණ්ඩයමක් මෙම පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු වන බස් කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 35 ක් වන පානදුර ,තිරිබේරියේ පදිංචිකරුවෙක්.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මෙම පුද්ගලයා අද (04) කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි.

