“ගෝලීය දකුණේ” රටවල යොවුන් මාධ්‍ය ක්‍රියාන්විතය සඳහා ශ්‍රී ලංකා අගමැතිනිය සුබ පැතුම් එක් කරයි
චීන මාධ්‍ය සමූහය, ජී-20 කණ්ඩායමේ තරුණ සමුළුව (Y20) සහ බ්‍රසීලයේ ජනාධිපති මන්දිරයේ මහ ලේකම් කාර්යාලය, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හිදී “ගෝලීය දකුණේ” රටවල තරුණ තරුණියන් සමඟ මුහුණට මුහුණ මාධ්‍ය ක්‍රියාන්විතයක් දියත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ද ඇතුළුව ලොව රටවල් 74ක මාධ්‍ය ආයතන 215ක දායකත්වයෙන්, “ගෝලීය දකුණේ” රටවල මාධ්‍ය අත්වැල් බැඳගනිමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට මුලපිරීම ඒ සමඟ සිදුවුණා.
ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජී-20 කණ්ඩායමේ 19වන නායක සමුළුවට සහභාගි වීම සහ එරට නිල සංචාරයක නිරත වීම නිමිත්තෙන්.
මෙය පැවැත්වුණේ, චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල්වරයා සහ බ්‍රසීල ජනාධිපති මන්දිරයේ ජාතික තරුණ මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු ප්‍රභූවරුන් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක ප්‍රධානීන් මෙම අවස්ථාව වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබීම ද විශේෂත්වයක්.
“ගෝලීය දකුණේ” රටවල තරුණ ප්‍රජාව අතර හුවමාරු සහ සහයෝගීතාවය නව තලයකට ගෙන එමින් අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීම සහ අන්තර් සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම මගින් එම රටවල සංවර්ධන ක්‍රියාවලියට වැඩි ප්රතිලාභ ගෙනෙන නව අවස්ථාවක් උදා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය සිය සුබපැතුම් පණිවුඩයේ දන්වා තිබෙනවා.
එමෙන්ම මෙම තරුණ අන්තර් මාධ්‍ය මෙහෙයුම අනාගත ලෝකය සඳහා ගෝලීය තරුණ ප්‍රජාව සක්‍රීය ලෙස සහභාගී කර ගන්නා වේදිකාවක් වනු ඇති බව විශ්වාස කරන බව ද ඇයගේ අදහසයි.