
ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමක්
රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා ස්විස්ටර්ලන්ත තානාපතිනිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදුකර තිබෙනවා.
මෙහි අරමුණ වී ඇත්තේ ගෝලීය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රයේ පැවැත්ම ඉහළ නැංවීම සහ ඇඟළුම් අංශයේ හැකියාවන් වැඩිදියුණු කිරීමයි.
ස්විස්ටර්ලන්යේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය එක්ව මෙම දෙවන අදියර ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන්.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳය මෙම වැඩසටහනේ ප්‍රධාන පාර්ශ්වකරුවන් බවයි වාර්තා වන්නේ.
මේ සඳහා ස්විස්ටර්ලන්ත රජය අරමුදල් සපයන අතර ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය තාක්ෂණික සහය ලබා දෙන අතර මෙම වැඩසටහන 2024 වසරේ සිට 2027 වර්ෂය දක්වා ක්‍රියාත්මක කරන බව සඳහන්.