ඝාතනයකට අත්අඩංගුවට ගත් සැකකරුවන්

ඝාතනයකට අත්අඩංගුවට ගත් සැකකරුවන්

මාතර නාවිමන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

පසුගිය 15 වනදා මාතර නාවිමන ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් 26 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබුණා.

අදාළ මෝටර් රථය පැදවූ පුද්ගලයා මාතර තොටුමුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 29 හැවිරිදි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

මීට අමතරව අදාළ ඝාතනය සිදුකිරීම ආධාර අනුබල ලබාදුන් 26 හැවිරිදි පුද්ගලයෙකු කැකනදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් මුලික විමර්ශනවලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මාතර පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

Share This