ඝාතනයකින් කෙලවර වූ බහින්බස් වීම
වාරියපොල දික්වැහැර ප්රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
මියගිය පුද්ගලයා සහ සැකකරු එක්ව මත්පැන් පානය කර ඇති බවත් එම අවස්ථාවේ මුදල් අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු විසින් පොල්ලකින් පහරදී මෙම ඝාතනය කර ඇති බවටයි සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ
පොලීසිය පැවසුවේ මරණකරු වයස අවුරුදු 66 ක් වූ දෙමටළුව ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි
අත්අඩංගුවට ගත සැකකරු වයස අවුරුදු 30ක් වන අතර මේ සම්බන්ධයෙන් වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා