
ඝාතනයට ලක්වූ බූස්සේ හිටපු SP
ගාල්ල, තලගහ ප්‍රදේශයේ සිදුවූ වෙදී තැබීමෙන් බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙකු මියගොස් තිබෙනවා.
අද (13) පස්වරුවේ ඔහුගේ නිවසට පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
61 හැවිරිදි වියේ පසුවූ බන්ධනාගාර සහකාර අධිකාරීවරයා පසුගිය වසරේදී විශ්‍රාම ලබා තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
අක්මීමන පොලිසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් 04ක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.