ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී Jamal Khashoggiගේ බිරිඳට අමෙරිකාවේ දේශපාලන රැකවරණ

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී Jamal Khashoggiගේ බිරිඳට අමෙරිකාවේ දේශපාලන රැකවරණ

ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී Jamal Khashoggiගේ බිරිඳට අමෙරිකාවේ දේශපාලන රැකවරණ ලැබී තිබෙනවා

Jamal Khashoggi 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඝාතනයට ලක්වූ අතර එක්සත් ජනපද බුද්ධි අංශ පවසා ඇත්තේ මෙම ඝාතනය පිටුපස සෞදි අරාබිය සිටින බවට තමන් විශ්වාස කරන බවයි.

පසුව Khashoggi ගේ බිරිඳ වන Hanan Elatr, ඇයගේ ආරක්ෂාව ගැන බියෙන් සරණාගතභාවය සඳහා අයදුම් කිරීමට 2020 වසරේ අගෝස්තු මාසයේදී එක්සත් ජනපදයට පැමිණ තිබෙනවා .

Hanan Elatr එක්සත් ජනපදයේ දේශපාලන සරණාගතභාවය සඳහා පළමුවරට අයදුම් කර වසර තුනකට වැඩි කාලයක් ගත වූ බවයි පැවසෙන්නේ .

වසර 25කට වැඩි කාලයක් Hanan Elatr ජීවත්වූ ඊජිප්තුවට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නැවත පැමිණියහොත් තම ජීවිතය අනතුරේ විය හැකි බවටයි ඇය සඳහන් කර තිබුණේ

කෙසේවෙතත් හිටපු ගුවන් සේවිකාවක්වූ Hanan Elatr එක්සත් ජනපදයට පැමිණ මාස ගණනාවක් මේරිලන්ඩ් හි ඇගේ ආරක්ෂාව ගැන බියෙන් ජීවත් වූ බවත් රැකියාව සහ ජීවිතය අතහැර දැමූ බවත් ඇගේ නීතීඥ රන්ඩා ෆාමි සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා

Share This