ඝානාවට පසුව නයිජීරියාව අනුමත කළ එන්නත

ඝානාවට පසුව නයිජීරියාව අනුමත කළ එන්නත

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිපදවන ලද නව මැලේරියා එන්නතක් නයිජීරියාව විසින් අනුමත කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මැලේරියා (R21) එන්නත අනුමත කළ ලොව පළමු රට බවට ඝානාව පත්වී දින කිහිපයකට පසුව නයිජීරියාව විසින් මෙම පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

නයිජීරියාවේ ආහාර හා ඖෂධ පරිපාලනය සඳහා වූ ජාතික ඒජන්සියේ ප්‍රධානී Mojisola Adeyeye පැවසුවේ මෙම එන්නත මාස පහේ සිට අවුරුදු තුන දක්වා ළමුන්ටත් ,වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලටත් මැලේරියාව වැළැක්වීම සඳහා භාවිතා කළ හැකි බවයි

මෙම එන්නත 80% ඵලදායී බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබෙනවා.

ලොව පුරා වැඩිම මැලේරියා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ නයිජීරියාවෙන් වන අතර මෙම රෝගයෙන් සෑම වසරකම ලොව පුරා සිටින මිනිසුන් 6,000 කට වඩා මිය යන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This