චන්ද්‍රයාගේ ඈත කොටසේ පස් සාම්පල පළමු වරට ප්‍ර‍දර්ශනය කෙරේ

චන්ද්‍රයාගේ ඈත කොටසේ පස් සාම්පල පළමු වරට ප්‍ර‍දර්ශනය කෙරේ

චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානය විසින් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත කොටසේ සාම්පල, අද (11) 15 වන චීන ගුවන් ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශනයට එක් කළා.

එම සාම්පල මෙලෙස ප්‍රදර්ශනය කෙ‍රුණු පළමු අවස්ථාව මෙයයි.

පසුගිය ජූනි මාසයේ දී ක්‍රියාවට නැංවුණු චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ Chang’e-6 මෙහෙයුමත් සමඟ, මානව ඉතිහාසයේ පළමු වරට චන්ද්‍රයාගේ ඈත කොටසේ පස් සාම්පල ලබා ගැනීම සාර්ථක කර ගැනීමට සමත් වීම විශේෂත්වයක් වුණා.

එම ‍මෙහෙයුමේ දී සඳ මතු පිට ඈත කොටසෙහි පස් සාම්පල ග්‍රෑම් 1935.3ක් ලබා ගැනීමට සමත්ව තිබූ බවයි වාර්තා වුණේ.

ඉන් මිලිග්රූම් 75ක කොටසක් මෙලෙස ප්‍රදර්ශනයට තබා ඇති අතර මෙම චන්ද්‍ර පස් සාම්පල Chang’e-6 මෙහෙයුමේ පළමු මහජන ප්‍රදර්ශන සාම්පලය වනවා.

මෙවර චීන ගුවන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අමුත්තන්ට මෙම පස් සාම්පල සමීපව නැරඹීමේ අවස්ථාව ලබා දී තිබීම ද ඔවුන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇති.

චන්ද්‍රයාගේ ඈත කොටසෙහි විශාලතම, ගැඹුරුතම හා පැරණිතම ආවාටයෙන් මෙම සාම්පල ලබා ගෙන ඇති අතර එම ස්ථානය,
චන්ද්‍ර පෘෂ්ඨයේ තුනීම ස්ථානය ලෙසයි සැලකෙන්නේ.

Share This