චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට උතුරු කොරියාවෙන් සැලසුම්

චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට උතුරු කොරියාවෙන් සැලසුම්

මෙම මස තුළදී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට උතුරු කොරියාව සැලසුම් කර තිබෙනවා.

ඉදිරි සතිය තුළ එම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව ජපානයේ වෙරළාරක්ෂක බළකායට ද දැනුම් දී තිබෙනවා.

කලාපය තුළ වර්ධනය වන එක්සත් ජනපද මිලිටරි ක්‍රියාකාරකම් හේතුවෙන් ඔත්තු චන්ද්‍රිකාවක් ලෙස මෙය නිපදවා ඇති බවයි උතුරු කොරියාව සඳහන් කර ඇත්තේ.

මෙම චන්ද්‍රිකාව පසුගිය මැයි මාසයේ අභ්‍යවකාශ ගතකිරීමට සැලසුම් කර තිබුණ ද එම උත්සහය අසාර්ථක වී තිබුණා.

Share This