චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳවීමේ උත්සවයේදී කැමිලාට, රැජිණගෙන් ඔටුන්නක්

චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳවීමේ උත්සවයේදී කැමිලාට, රැජිණගෙන් ඔටුන්නක්

බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරු රජ වූ විට ඔහුගේ බිරිඳ කැමිලාට මහ රැජිනගේ සුප්‍රසිද්ධ කොහිනූර් කිරුළ හිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව දෙවැනි එලිසබත් රැජින විසින් චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳ වීමේ උත්සවයේදී කෝන්වෝල් හි කැමිලා පාකර් ආදිපාදවරියට තම මිල කළ නොහැකි ඔටුන්න පරිත්‍යාග කිරීමට සූදානමින් සිටින බව සඳහන්

මෙම මිල කළ නොහැකි ඔටුන්නට කොහිනූර් දියමන්තියක් ඔබ්බවා ඇති අතර දියමන්තිය 14 වන සියවසේදී ඉන්දියාවෙන් සොයා ගෙන ඇති එක්ක බවයි පැවසෙන්නේ.

මෙය කැරට් 105.6 දියමන්තියක් .

1849 දී දියමන්තිය වික්ටෝරියා රැජිනට පවරා දී ඇති අතර එතැන් සිට එය බ්‍රිතාන්‍ය රාජකීය ආභරණවල කොටසක් වී තිබෙනවා .

මෙම ඔටුන්න 1937 දී හයවෙනි ජෝර්ජ් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට විශේෂයෙන්ම නිර්මාණය කළ එකක් වන අතර  එළිසබෙත් රැජින සඳහා නිර්මාණය කරන ලද ප්ලැටිනම් ඔටුන්නක් තුළ පිහිටුවා තිබෙන බවත් සඳහන්.

Share This