චාල්ස් රජුගේ රාජාභිෂේකයට හැරී – මේගන් යුවලටත් ආරාධනා

චාල්ස් රජුගේ රාජාභිෂේකයට හැරී – මේගන් යුවලටත් ආරාධනා

බ්‍රිතාන්‍යයේ III වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා සහභාගී වන ලෙස හැරී කුමරුට සහ මේගන් කුමරියට ආරාධනයක් සිදුකර තිබෙනවා.

විද්‍යුත් තැපෑලෙන් එම ආරාධනය සිදුකර ඇති නමුත් ඔවුන් ඊට සහභාගී වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි හැරී – මේගන් යුවලගේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

මැයි 6 වනදා Westminster Abbey හිදී පැවැත්වීමට නියමිත චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින් සහ විදේශීය සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් පසුගියදා බ්‍රිතාන්‍ය රජ පවුල විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට Windsor හි පිහිටි Frogmore Cottage වෙතින් ඉවත්වන ලෙස දැනුම් දී ඇති පසුබිමක ඔවුන්ට චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ආරාධනා කිරීම විශේෂත්වයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

Share This