චාල්ස් රජුට K-pop සංගීතයට හිත ගිහින්

චාල්ස් රජුට K-pop සංගීතයට හිත ගිහින්

බකිංහැම් මාලිගයේ රාජ්‍ය භෝජන සංග්‍රහයකදී චාල්ස් රජු විසින් කොරියානු සංස්කෘතිය හා K-pop සංගීතය අගයමින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

චාල්ස් රජු විසින් දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeolගේ රාජ්‍ය සංචාරයේ පළමු දිනයේදී බකිංහැම් මාලිගාවට පිළිගනිමින් K-pop තරු වන Blackpink සහ BTS කණ්ඩායම් ගැන සතුටු සාමිචියේ යෙදුණු බවයි සඳහන් වන්නේ.

රජු භෝජන සංග්‍රහයේදී ඉදිරිපත් කළ කතාවේදී දකුණු කොරියානු සංස්කෘතියට ඇති පරිකල්පනය ආකර්ෂණය කර ගැනීමේ විශිෂ්ට හැකියාව අගය කර තිබෙනවා.

එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඔහුගේ තරුණ කාලයේ ඔහු සහ ඔහුගේ මිතුරන් සියලු දෙනාම Beatles, Queen සහ Elton John රසිකයන් බවයි.

බකිංහැම් මාලිගයේ උත්සව ශාලාවේ පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයට දකුණු කොරියානු අමුත්තන් සමග වේල්ස් රජු, රැජින, කුමරු සහ කුමරියව අගමැති Rishi Sunak විසින් පිළිගෙන තිබෙනවා.

දකුණු කොරියාවේ වඩාත් ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක Son Heung-min ට එම උත්සවයට ආරාධනා කර නොමැති වුවත් K-pop සංගීත කණ්ඩායමක් වන Blackpink කණ්ඩායම අමුත්තන් අතර වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This