චාල්ස් රජු හදිසියේ රෝහල් ගත කරයි

චාල්ස් රජු හදිසියේ රෝහල් ගත කරයි

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හදිසියේ රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චාල්ස් රජුට වැලදී ඇති පිළිකා රෝගයට සිදු කෙරෙන ප්‍රතිකාරවල අතුරු ආබාධ හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බව සඳහන්.

තවද බර්මින්ග්හැම් නගරයේ ඔහු සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ සංචාරය රෝගී තත්ත්වය හේතුවෙන් අවලංගු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව වෛද්‍යවරුන් අනාවරණය කරගත්තේ 2024 වසරේ පෙබරවාරි මාසයේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

Share This