
චාලි කර්ක් ඝාතනයට 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට
මෙම සතිය මුලදී විශ්ව විද්‍යාල උත්සවයක වේදිකාවේ සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද දක්ෂිණාංශික ක්‍රියාකාරික චාලි කර්ක් ඝාතනය සම්බන්ධයෙන් උටාහි 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැය 33 ක මෙහෙයුමකින් පසු ටයිලර් රොබින්සන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුගේ පියා පොලිසියට යටත් වීමට ඔහුට ඒත්තු ගැනවූ බව සදහන්.
සැකකරුට මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලා සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ අත්අඩංගුවට ගැනීම මුලින්ම නිවේදනය කළා.
බදාදා සිසුන් සමඟ විවාද කරමින් සිටියදී වෙඩි තැබූ කර්ක්ගේ ඝාතනය ඇමරිකානුවන් කම්පනයට පත් කර ඇති අතර රටේ තියුණු පක්ෂග්‍රාහී දේශපාලන බෙදීම් මෙමගින් සාකච්ඡාවට ලක් වුණා.