චැඩ් රාජ්‍යයේ ආහාර ආධාරවලට අරමුදල් දෙන්නැයි ඉල්ලීමක්

චැඩ් රාජ්‍යයේ ආහාර ආධාරවලට අරමුදල් දෙන්නැයි ඉල්ලීමක්

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන විසින් චැඩ් රාජ්‍යයේ මිලියන දෙකකට වැඩි පිරිසකට කඩිනම් ආහාර ආධාර සැපයීම සඳහා හදිසි අරමුදල් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් චැඩ් රාජ්‍යයේ සරණාගතයින් සහ අවතැන් වූවන් සඳහා ලැබෙන ආහාර මේ මාසයේ නතර වන බවට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

සුඩානයේ මෑත කාලීන සටන් වලින් චැඩ් රාජ්‍යයට පලා ආ සරණාගතයින් 30,000 ක් පමණ සිටින බවද එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සඳහන් කරනවා

Share This