චීනයට සංක්‍රමණය වී සිටින පිරිස් රැකියා අර්බුදයක

චීනයට සංක්‍රමණය වී සිටින පිරිස් රැකියා අර්බුදයක

චීන රජය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ඉවත් කිරීම චීන ජනතාවට සහනයක් ගෙනදුන්න ද, රැකියා සඳහා වෙනත් රටවලින් චීනයට සංක්‍රමණය වී සිටින පිරිස් මේවනවිට අර්බුදයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ රැකියා වියුක්තිය හේතුවෙන්.

රැකියා සඳහා චීනයට පැමිණ සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් ඇතැමුන්ට මේවනවිට සිදුව ඇත්තේ නව රැකියා සොයා ගැනීමටයි.

දෛනික වැටුපක් සඳහා රැකියාවල නිරත වූ සංක්‍රමණික ශ්‍රමිකයින් රැසකට මේවනවිට සිය ආදායම් මාර්ග හා රැකියා අහිමි වී ගොස් ඇති බවත් චීනයේ ඇතැම් කර්මාන්තශාලා තවමත් වසා දමා ඇති බැවින් ඒවායෙහි සේවය කළ සංක්‍රමණික කම්කරුවන් රැකියා සොයමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ආදායම් පහළ යාම හේතුවෙන් කර්මාන්තයශාලා හා සමාගම් සේවක වැටුප් කප්පාදුව,දීමනා කපා හැරීම හේතුවෙන් සංක්‍රමණික කම්කරුවන් ගැටළු රැසකට මුහුණ පා සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙනවා.

Share This