
චීනයට සියයට 500 ක තීරු බදු පනවා යුක්‍රේනය ගොඩගන්න යන ට්‍රම්ප් පාලනය
චීනයට 500%ක් දක්වා තීරුබදු පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත බලය ලබාදීම සඳහා සෙනෙට් සභිකයින් 85 දෙනෙකු සූදානම් බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් බෙසන්ට්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීනය දිගින් දිගටම රුසියානු තෙල් මිලදී ගැනීම් සිදුකිරීම ඊට හේතුවයි.
චීනයට නව තීරුබදු පැනවීමෙන් ලැබෙන ආදායම යොදා ගනිමින් යුක්‍රේනයේ යුධ කටයුතු සඳහා ආධාර කිරීම සඳහා ‘යුක්‍රේන විජයග්‍රාහී අරමුදලක්’ පිහිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉහළ පෙළේ නිලධාරියෙකුට උපදෙස් දී තිබෙන බව එම වාර්තාවල වැඩිදුරටත් සදහන් වනවා.
මෙම තීරුබදු ක්‍රියාත්මක වුවහොත්, එය එක්සත් ජනපද – චීන වෙළඳ සබඳතාවල පෙර නොවූ විරූ අර්බුදයක් නිර්මාණය කරනු නොඅනුමායි.
එය ගෝලීය තෙල් වෙළඳපොළට සහ ජාත්‍යන්තර වෙළඳාමට දැඩි බලපෑම් එල්ල කරන්නක්.
මේ අතර බී.බී.සී. ලෝක සේවය පැවසුවේ යුක්රේන ජනාධිපති ව්ලැදිමියර්මි සෙලෙන්ස්කි අද වොෂින්ටනයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවනු ඇති බවයි.
එම පුවත් වාර්තා කළේ රුසියාවට දැඩි ප්‍රහාර එල්ල කළ හැකි ටොමාහෝක් මිසයිලවලින් යුක්රේනය සන්නද්ධ කළ යුතුද යන්න ට්‍රම්ප් එහිදී සලකා බලනු ඇති බවයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ දුරකථන ඇමතුමකදී “විශාල ප්‍රගතියක්” ඇති වූ බවත්, දෙදෙනා හංගේරියාවේ දී මුහුණට මුහුණ සාකච්ඡා සඳහා එකඟ වූ බවත් ට්‍රම්ප් පැවසීමෙන් දිනකට පසුව ඔවුන්ගේ හමුව සිදු වීම කැපී පෙනෙනවා.
එහිදී අගෝස්තු මැද භාගයෙන් පසු පුටින් සමඟ සිදු වූ පළමු ඇමතුම “ඉතා ඵලදායී” බව ට්‍රම්ප් පැවසූ අතර, වොෂින්ටන් සහ මොස්කව් කණ්ඩායම් ලබන සතියේ හමුවනු ඇති බව ද සඳහන් කළා.
ජනවාරි මාසයෙන් පසු ඔහුගේ තුන්වන සංචාරය වන සෙලෙන්ස්කි එක්සත් ජනපදයට පැමිණි විට, මොස්කව් “ටොමාහෝක්ස් ගැන ආරංචි වූ වහාම සංවාදය නැවත ආරම්භ කිරීමට ඉක්මන් වන” බව ඔහු පැවසීය.