චීන‍යෙන් සංස්කෘතික, අධ්‍යාපන, තාක්ෂණ හා මාධ්‍ය හුවමාරු ප්‍රදර්ශනයක් මහරගම දී

චීන‍යෙන් සංස්කෘතික, අධ්‍යාපන, තාක්ෂණ හා මාධ්‍ය හුවමාරු ප්‍රදර්ශනයක් මහරගම දී

චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය , තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරන ලද 2025 – චීන ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන තාක්ෂණ හා මාධ්‍ය හුවමාරු වැඩසටහන ඊයේ මහරගම තරුණ සේවාසභා ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා.

මෙහිදී චීන ආහාර පාන නිෂ්පාදනය පිළිබඳව හැඳින්වීම, චීනයේ අධ්‍යාපනය හැදැරීම සඳහා අවශ්‍ය සේවාවන් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම , චීන සංස්කෘතික අංගයන් පිළිබඳව අවබෝධයක් ලබා දීම ආදී කටයුතු මෙහිදි සිදු කෙරුණා.

එම පිරිස මෙහිදී ඉදිරිපත් කර තිබූ චීන සංස්කෘතික හා අධ්‍යාපන ආහාරපාන ප්‍රදර්ශන කුටි රැසක් ද ප්‍රදර්ශනය කළා.

උත්සවයේදී චීන අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් සිසු සිසුවියන් කිහිප දෙනෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමද සිදු කෙරුණා.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් කුමාර හෙන්නායක , ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න, ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වී සිටියා.

Share This