
චීනයේ උපත් අනුපාතයේ වාර්තාගත අඩුවීමක්
චීනයේ උපත් අනුපාතය වාර්තාගත ලෙස අඩුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2020 වර්ෂයේදී එය දශක හතරකට පසු වන අවම අගය වාර්තා කර ඇති බවයි.
2019 වර්ෂයේදී දහසකට 10.41 ලෙස වාර්තා වූ උපත් අනුපාතය 2020 වර්ෂයේදී 10.41 ලෙස තවදුරටත් පහත වැටී ඇති බව චීනයේ ජාතික සංඛ්‍යාන බියුරෝව සදහන් කරනවා.
එම අගය දහසකට 10 ට අඩු අගයක් තරම් පහළට වැටී ඇත්තේ 1978 වර්ෂයට පසුව බවයි එම බියුරෝව වැඩිදුරටත් දක්වන්නේ.
චීනයේ උපත් අනුපාතය පසුගිය වසර හතර පුරාම පහළ ගොස් ඇති බවද එරට වාර්තාවල සදහන්.
මෙම තත්වය වෙනස් කිරීම සදහා පසුගිය කාලසීමාවේදී චීනයේ එක්දරැ ප්‍රතිපත්තිය වෙනස් කර පවුලකට දරැවන් තුනක් බිහිකළ හැකි වන ලෙස නීති සංශෝධනය කළත් එය ඵලදායි වී නොමැති බව එරට බලධාරීන් පවසනවා.