චීනයේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

චීනයේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග චීනයේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින් සංඛ්‍යාව ද ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම විදෙස් මාධ්‍ය පවසන්නේ චීනයේ නගර රැසකම අවමංගල්‍ය ශාලාවල සහ ආදාහනාගාර ආශ්‍රිතව ජනතාව ඒකරාශී වී සිටින අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප පෙළක් නිකුත් වී ඇති බවයි.

මරණ ඉහළ යාම නිසා පවතින තදබදය හේතුවෙන් චෙන්දු නගරයේ අවමංගල්‍ය ශාලාවල දේහයක් සම්බන්ධයෙන් අවසන් චාරිත්‍ර සිදුකිරීමට හෝ කාලයක් ලබා නොදෙන බවත් ඒ වෙනුවට ආදාහනයට පෙර දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා මියගිය පුද්ගලයාගේ සමීප ඥාතීන්ට මිනිත්තු 02 ක කාලයක් ලබාදෙන බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

චීනයේ නගර කිහිපයකම අවමංගල්‍ය ශාලාවල පවතින්නේ මීට සමාන තත්ත්වයක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර චීනයේ ප්‍රධාන නගරවල පිහිටි අවමංගල්‍ යශාලාවල සේවකයින් පවසන්නේ මෙවැනි තදබදයක් මීට පෙර දැක නොමැති බවයි.

චීනය තුළ ක්‍රියාත්මක දැඩි කොවිඩ් සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කිරීමත් සමග රට තුළ කොරෝනා වෛරසයේ සීග්‍ර පැතිරීමක් පෙන්නුම් කරනවා.

එව පසුබිමක් තුළයි චීනය දේශසීමා ද විවෘත කර ඇත්තේ.

Share This