චීනයේ නගර කිහිපයකට නැවතත් අගුලු වැටෙයි

චීනයේ නගර කිහිපයකට නැවතත් අගුලු වැටෙයි

කොවිඩ් වෛරසය ප්‍රථම වරට වාර්තා වූ වුහාන් ඇතුළු චීනය පුරා නගර කිහිපයකට අගුලු දමා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

වුහාන්හි එක් දිස්ත්‍රික්කයක 800,000කට වැඩි පිරිසකට ඔක්තෝබර් 30 දක්වා නිවසේ රැඳී සිටින ලෙස දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ලොව විශාලතම iPhone නිෂ්පාදන කම්හල පිහිටි Zhengzhou නගරයට ද බලපෑම් එල්ලවී ඇති බවයි පැවසෙන්නේ

චීනය තුන්වන දිනටත් රෝගීන් 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කිරීමත් සමග මෙම අගුලු දැමීම සිදු කර තිබෙනවා

රට පුරා නගර 28ක් පමණ අගුලු දැමීමේ පියවරයන් ක්‍රියාත්මක කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකකට පමණ වගකිව යුතු කලාපවල මිලියන 207 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

වුහාන් නගරය මේ සතියේ දිනකට නව ආසාදන 25 ක් දක්වා වාර්තා කර ඇති අතර පසුගිය සති දෙක තුළ රෝගීන් 200 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා

Share This