චීනයේ බීජිං අගනුවරට තද වැසි – පළාත් කිහිපයකට රතු නිවේදන

චීනයේ බීජිං අගනුවරට තද වැසි – පළාත් කිහිපයකට රතු නිවේදන

චීනයේ බීජිං අගනුවරට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

වර්ෂාපතනය නිසා අතරමං වූ දුම්රිය මගීන්ට පහසුකම් ලබා දීම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා යොදවා ඇති බවද සඳහන් .

ඩොක්සුරි සුළි කුණාටුව චීනය හරහා උතුරු දෙසට හමා ගොස් ඇති අතර එය පිලිපීනය හරහා ගමන් කිරීමෙන් පසු දකුණු ෆුජියන් පළාතට ළඟා වී තිබෙනවා

සෙබළුන් 26 දෙනෙකුගෙන් සහ හෙලිකොප්ටර් හතරකින් යුත් හමුදා ඒකකයක් බීජිං හි දැඩි ලෙස පීඩාවට පත් මෙන්ටූගු දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානයක සහ ඒ අවට අතරමං වූ පුද්ගලයින්ට ආහාර ලබා දීම සඳහා “ගුවන් ගලවා ගැනීමේ මෙහෙයුමක්” දියත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Mentougou හි නිවාස 150,000 කට පමණ ජලය නොමැති බැවින් හදිසි සැපයුම් සැපයීම සඳහා ජල ටැංකි 45 ක් පිටත් කර යවා ඇති බවද එරට බලධාරීන් සඳහන් කරනවා .

මේ අතර බීජිං සහ හෙබෙයි පළාතට වැසි කුණාටු හේතුවෙන් රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර හදිසි ගංවතුර සහ නායයෑම් පිළිබඳ කාලගුණ බලධාරීන් අනතුරු අඟවනවා

Share This