චීනයේ මහල් නිවාසයක ඇති වූ ගින්නකින් 10ක් මරුට

චීනයේ මහල් නිවාසයක ඇති වූ ගින්නකින් 10ක් මරුට

චීනයේ බටහිර Xinjiang ප්‍රදේශයේ අගනුවර වන Urumqi නගරයේ මහල් නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

ගින්නෙන් තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගොඩනැගිල්ලේ 15 වන මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර පැය තුනකට ආසන්න කාලයකට පසුව එය නිවා දැමීමට කටයුතු කරත් ඊට පෙර ඉහළ මහල දක්වා පැතිර ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This